මෛත්‍රී ඩලස් විමල් අනුර හෙලිකොප්ටරෙන් ගමට..!

January 11, 2023 at 10:38 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක පක්ෂ සහ කණ්ඩායම් නව දේශපාලන සන්ධානයක් බිහිකර තිබේ.

එම සන්ධානයේ ඡන්ද සලකුණ ලෙස ‘හෙලිකොප්ටරය’ තෝරාගෙන ඇතැයි ද වාර්තා වේ. මෙම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කොට තිබේ.

මෙම නව සන්ධානය පිහිටුවීමේ සමාරම්භක උළෙල 2023.01.11 වෙනි දින එනම් හෙට පස්වරු 3.30 ට එක්සත් ජනතා නිදහස් සංධාන මූලස්ථානයේ දී පැවැත්වෙන බව එහි මහ ලේකම් තිලංග සුමතිපාල මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *