මේ වෙලාවේ ආණ්ඩුවෙන් යන එක පාඩුයි….! නියම වෙලාව එනතුරු බලා ඉන්න….! – මෛත්‍රීගෙන් ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයින්ට උපදෙස්…

June 20, 2021 at 7:55 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවර තත්ත්වයක් යටතේවත් මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම නොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් දෙදෙනකුට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ වත්මන් රජය සමඟ ක්‍රියා කරන ශ්‍රී.ල.නි.ප. අමාත්‍යවරුන් දෙදෙනකු පෞද්ගලිකව සිය නිවසට කැඳවීමෙන් පසුව ය.

එවන් හදිසි තීරණයක අතුරු ප්‍රතිඵල අහිතකර විය හැකි බව ද එම අමාත්‍යවරුනට පෙන්වා දී ඇති හිටපු ජනාධිපතිවරයා ඒ ගැන නීතිමය විග්‍රහයක් ද කර ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *