මේ රටේ 7 වෙනි විධායක ජනාධිපති ගෝඨාභයයි! පළාත් නවයෙන් 07ක් 120කට වඩා ආසන එක්ක දිනනවා! – පොහොට්ටුවේ මහ මොළකරු බැසිල් කියයි…

November 13, 2019 at 11:01 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයක් ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පළාත් නවයෙන් පළාත් 7ක ජයග‍්‍රහණය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට හිමි වන බවය.

කොළඹ නෙළුම් මාවතේ අද පැවති මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ පැවසුවේ ආසන 120 කට වැඩි සංඛ්‍යාවක් ජය ගැනීමේ හැකියාව ද මේ වන විට ලැබී ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් කිසිවෙකු කිසිම ආකාරය සැකයක් තබා ගත යුතු නැති බවත් මැතිවරණ කොමිසම ඊට අදාළ සියලු ලේඛන පිළිගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මඩවලින් තොර ප‍්‍රතිපත්තිගරුක ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කිරීමට ද හැකි වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස