මේ ආණ්ඩුව ජනාධිපතිවරණය කල්දාගන්න පුළුවන් නම් තව සහරාන්ලාට පුපුරගන්න ඉඩදෙයි! – විමල්

June 14, 2019 at 7:03 am | by emanisa.lk

තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නට පැමිණි ආණ්ඩුව මැතිවරණ සිතියම හකුළා දමා රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය ද අහිමි කර ඇති බවත් ජනාධිතිවරණයත් කල් දැමීමට මාන බලන ආණ්ඩුව හැකි නම් තවත් සහරාන්ලාට පුපුරාගන්නට ඉඩ දී බලා සිටිනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දී බියෙන් චකිතයෙන් ජීවත් වන ජනතාවට නායකත්වය ලබා දෙනු වෙනුවට විධායකය සහ ව්‍යවස්ථාදායකය දෙපැත්තට අදිමින් සිටින බවට හෙතෙම චෝදනා කරයි.

මේ සියල්ලට වගකිව යුත්තේ රටේ සම්පත් විකුණාගෙන කමින් රට ඇමරිකානු කොලනියක් කරන ආණ්ඩුව මිස 225 දෙනා නොවේ යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස