මුලතිව් ගුරුකන්ද විහාරයේ කඨින පිංකම තහනම් කරයි!

July 2, 2019 at 3:30 pm | by emanisa.lk

මුලතිව් ගුරුකන්ද පුරාණ රජ මහාවිහාරයේ කඨින පිංකමට පෙර ජූලි මස 05 සහ 06 යන දෙදින පැවත්වීමට සැලසුම් කළ වස් ආරාධනා පිංකම නවතා දමන්නැයි මුලතිව් පොලිසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතැයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමි පවසයි.

ගුරුකන්ද රජමහාවිහාරයේ සිදු කෙරෙන වස් ආරාධනා පිංකම අතර 06 වනදා පන්සලේ පිහිටි දේවාලයේද හින්දු බැතිමතුන් පිරිසක් විසින් දේව මෙහෙයක් සිදු කිරීමට සූදානම් වීම නිසා වස් ආරාධනා පංකම නවතා දමන ලෙස මුලතිව් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.

පොලිස් නියෝග නොතකා වස් ආරාධනා පිංකම සිදු කිරීමට උත්සාහ කරන්නේ නම් අධිකරණ මගින් තහනම් නියෝගයක් ගෙන එය නවතා දැමීමට පියවර ගන්නා බවටද එදින පන්සල් භූමියට ඇතුලු වන සියලු පුද්ගලයින් පරික්ෂා කොට ඇතුළු කිරීමටත් පියවර ගන්නා බවටද අදාල පොලිස් නිලදාරියා විසින් දැනුම් දී ඇත.

පසුගියදා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් ගුරුකන්ද රජමහ විහාරයේ නාම පුවරුව ගලවා ගෙන ගොස් තිබේ. ඊට පෙර අධිකරණ නියෝගයක් මගින් විහාරයේ බුද්ධ ප්‍රතිමාව ගොඩනැඟීම තහනම් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *