මීළඟ පාලකයා සජිත් වගේ විහිළුකාරයෙක් නොවිය යුතුයි…! රට ගොඩගන්න ජනතාව රනිල් වටා පෙළ ගැහෙනවා…! – වජිර…

September 26, 2021 at 1:15 pm | by emanisa.lk

කඩා වැටී තිබෙන රට යළි ගොඩනැගීමට නම් මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.

එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහට බවත් වජිර අබේවර්ධන අවධාරණ කරයි.

රනිල් වික්‍රමසිංහට කුහකකම් කරමින් අවලාද හා හතුරුකම් කළ සියලු දෙනා අද වන විට විනාශයට තල්ලු වී ඇති බව වටහා ගෙන සිටින රටේ ජනතාව මේ වන විට එක්සත් ජාතික පක්ෂය වටා පෙළගැසෙමින් සිටින බව කීය.

වර්තමානයේ රට මුහුණපා සිටින ආර්ථික ඛේදවාචකය ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වන විට මීටත් වඩා දරුණු තැනකට ගමන් කරන බව ද වජිර අබෙිවර්ධන අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *