දුප්පතෙකුට ගෙයක් හදන්න වැලි ගන්න ගියා ම රටේ නැති නීති….! ආණ්ඩුවේ කල්ලියක් නැඟෙනහිර වැලි මාලදිවයිනට පටවති….!

September 7, 2021 at 3:37 pm | by emanisa.lk

එක්තරා පිරිසක් මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (දෙ.ජා.ස) චාණක්‍ය රාසමානික්කම් පාර්ලිමේන්තුවේ දී අද (7) අනාවරණය කළේ ය.

මෙම ජාවාරමට සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයකු බවත් වැලි පටවන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් හෙතෙම සඳහන් කළේය. වියත් මගෙන් පැමිණි ආණ්ඩුකාරවරිය ඊට සහයෝගය දෙන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

මෙම වැඩපිළිවෙළ හරහා රටට ඩොලර් එන්නේ නම් එය ගැටලුවක් නැතත් එසේ රටට ඩොලර් නොඑන බව ද තමාට දැනගන්නට ඇතැයි රාසමානික්කම් කීවේය. ආණ්ඩුකාරවරිය අද වැඩ කරන්නේ නීතියට කිසිම ගරු කිරීමක් නැතිව යැයි ද ඔහු චෝදනා කළේ ය.

මේ ප්‍රශ්නය විසඳා දෙන්නැයි රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නැයි අදාල ඇමැතිවරයාට දැනුම් දෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස