මිත්‍යාව ජනගත කළ පැණිමුට්ටිදේවි ගෙදර යනු….! – සෞඛ්‍ය ඇමැතිනියට එරෙහිව කොළඹ පෝස්ටර්….

July 26, 2021 at 4:27 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ධූරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් වී තිබේ.

රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යනුවෙන් එම පෝස්ටර්වල සඳහන්ව ඇති බව දැක ගන්නට තිබේ.

ඊයේ (25) රාත්‍රියේ මෙම පෝස්ටර් අලවා ඇති බව දැනගන්නට ඇත.

රජයේ ‌වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කටයුතු කරන අතර ඔහු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතමයෙකු ලෙස හැඳින්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *