මැරෙන තෙක් උපවාස කරන්න සිපෙට්කෝ විරෝධතාකරුවෙක් සොයයි…!

March 28, 2023 at 6:16 pm | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සංගම් විසින් මේ වන විට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්තනය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම වෘත්තීය සංගම් අතර මේ වන විට සංවාදයක් ඇති වි තිබේ.

මාරාන්තික උපවාසයකට මේ මොහොතේ තීරණය කිරීම ඉතා අවදානම් සහගත බව ඔවුන් අතර සාකච්ඡා වී ඇත. එනිසා එවන් තීරණයක් ගන්නේ නම් මාරාන්තික උපවාසය ආරම්භ කරන පුද්ගලයා පෞද්ගලිකව එහි වගකීම ගත යුතු තත්ත්වයක් ඇතිව තිබෙන බව ඔවුන්ගේ අදහස වී ඇත.

ඒ අනුව මාරාන්තික උපවාසය ආරම්භ කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකු මේ වන තෙක් එම වෘත්තිය සංගම් එකමුතු විසින් හඳුනාගෙන නැත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය එරෙහිව මේ වන විට එම සත්‍යග‍්‍රහය පැවැත්වෙන්නේ තෙල් සංස්ථාව වෘත්තිය සමිති ගණනාවක ඒකාබද්ධ වීමෙනි.

වෘත්තිය ක්‍රියාමාර්ගය එලෙස පවතින අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ දිනයේ නිවේදනය කළේ තෙල් සංස්ථාවේ පිරවුම්හල් 450 පෞද්ගලික අංශයට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවයි. එමෙන්ම විදෙස් තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට අනුමැතිය දුන් බව ද ඇමතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *