මා ජනාධිපති කළේ හාල් පරිප්පු මිල බලන්න නම් ඵලක් නෑ….! – ජනපති…

October 23, 2021 at 3:34 pm | by emanisa.lk

රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පු හෝ හාල් මිල බලන්නට නම් ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් කුලියාපිටිය උඩුබද්දාවේ පිහිට් ලෙස්ලීස් ආදර්ශ කාබනික ගොවිපොළ නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පැමිණ සිටි අවස්ථාවේදීය.

“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ.

නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තට ම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *