ජනපතිගේ කාබනික වැඩමුළුව පොහොට්ටු මන්ත්‍රීවරු වර්ජනය කරති….! වර්ජනය පිටුපස රාජ්‍ය ඇමැති විමලවීර….!

July 27, 2021 at 7:52 pm | by emanisa.lk

කාබනික පොහොර ගොවිතැන නැගෙනහිර පළාතේ පලාත් පාලන ආයතන ප‍්‍රධානීන් සදහා පැවති වැඩමුළුවකට අම්පාර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් වර්ජනය කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ විසින් බලය හොබවන කිසිදු පළාත් පාලන ආයතන ප්‍රධානියකු එම වැඩමුළුව සඳහා සහභාගි වී නැත.

අම්පාර හිටපු නගරාධිපතිවරයා සඳහන් කරන්නේ මෙම වැඩමුළුවට සහභාගි වුවොත් ඊළඟ වතාවේ නාමයෝජනා නොදෙන බවට අම්පාර දිස්ත්‍රික් නායක සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළ බවයි.

වැඩමුළුවේ දී ආණ්ඩුකාරවරිය කියා සිටියේ මෙම හමුව වර්ජනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමක් සේ සැලකිය හැකි බවය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්වූයේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *