පොහොර හිඟය පිළිබඳ අමරවීර සමාව ඉල්ලයි…!

June 28, 2021 at 8:15 am | by emanisa.lk

පොහොර හිඟයෙන් පෙළෙන ගොවි ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

ගොවි ජනතාව නියෝජනය කරන පුද්ගලයෙක් ලෙස ගොවීන් මුහුණ දී සිටින පොහොර ගැටලුව සම්බන්ධව කනගාටුවට පත්වන බව පැවසූ ඇමැතිවරයා රසායන පොහොර ආනයනය නතර කරමින් එළඹෙන මහ කන්නයේ සිට කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණයක් ගත්තේ යල කන්නයට අවශ්‍ය රසායන පොහොර ප‍්‍රමාණවත් ලෙස ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ලබාදුන් තොරතුරු අනුව බව ද කීවේය.

රසායන පොහොර ආනයනය නතර කිරීම නිසා ඇතැම් වෙළෙඳුන් පොහොර සඟවා ගෙන සිටින බවත් එම තත්ත්වය මත ගොවීන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවත් ඇමැති මහින්ද අමරවීර වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *