මාලිමා ආණ්ඩුවේ ජනපති මැති ඇමැතිලා යන්නේ එන්නේ කෝච්චියේ.. බස් එකේ..! – අනුර…

December 4, 2023 at 3:28 pm | by emanisa.lk

වෙනත් රටවල ජනාධිපතිවරුන් හා ඇමතිවරුන් පොදු ප්‍රවාහන සේවාවල සාමාන්‍ය ජනතාව ගමන් කරන ආකාරයට මෙරට තුළ ද වෙනසක් ඇති විය යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේග පාලනයක් යටතේ එම සමාජ පරිවර්තනය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

කෑගල්ල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී ජාතික ජන බලවේගය නායකයා ඒ බව කියා සිටියේය.

ජාතික ජන බලවේගය වටා අද සියලු දෙනා එකතු වී සිටින්නේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නොව පොදු සමාජ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් බවත් ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුවක් වෙනස් වූ පමණින් සමාජ පෙරළියක් සිදු වන්නේ නැති බවත් අද ජනතාව ඉල්ලා සිටින්නේ ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක් බවත් හෙතෙම එහි දී තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *