මහ බැංකු අධිපති සීමාව ඉක්මවයි…! ඔහුගේ ඒකාධිපති තීන්දු රටට භයානකයි..!

October 15, 2022 at 8:26 am | by emanisa.lk

රුසියානු මීර් ගෙවීම් ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම ඇත්තටම මහ බැංකුවෙ විෂය පථය ඉක්මවා යාමක්ද කියා සිතා බලන්න වටිනවා. මොකද රුසියාවට ඇමරිකාව සම්බාධක දාල තියෙන බව ඇත්ත. නමුත් ඉන්දියාව ඇතුළුව ලෝකයෙ රටවල් විශාල ප්‍රමාණයක් රුසියාව එක්ක තාමත් ගනුදෙනු කරනවා. කොටින්ම ලංකාව පවා රුසියාව එක්ක වාණිජ ගුවන් සේවා පවත්වාගෙන යනවා. රුසියානු සංචාරකයන් ලංකාවට එනවා.

මේ නිසා මේ සම්බාධක තේරුමක් නැති තත්වයක ඇත්තෙ. විශේෂයෙන්ම ලංකාව බලශක්තිය පිළිබද බරපතල අර්බුදයක ඉන්නේ. එයින් සහනයක් ගන්න පුළුවන් කියන්නෙ ලංකාවෙ ආර්ථිකයට විශාල සහනයක් විය හැකියි. මහ බැංකුවෙ ආකෘතිය අනුව මේක මහ බැංකු අධිපති ගත්ත තනි තීන්දුවක් විය හැකියි. ඔහු නිලධාරියෙක් පමණයි. ඔහුට ජනවරමක් නැහැ. එවැනි තනි පුද්ගලයෙක්ට තමන්ගෙ අභිමතය පරිදි මේ වගෙ තීන්දුවක් ගන්න පුළුවන්ද? එයින් ඇතිවෙන ප්‍රතිවිපාකවලට ඔහු වගකියනවද?

කොහොම උනත් අයිඑම්එෆ් එක සිය යෝජනාවල කියන්නෙ මහ බැංකුව තව ‘ස්වාධීන’ මදි තවත් ‘ස්වාදින’ කරන්න ඕන කියලයි. මේ ඊනියා ස්වාධීන කතාව පිිටුපස ඇත්තෙ තනිකරම මහ බැංකුව රාජ්‍යයෙක් ගලවලා තනි පුද්ගලයෙක්ගෙ යටතට රටේම ආර්ථිකය හැසිරවීම (සහ දේශපාලනය හැසිරවීමත්. මොකද ආර්ථිකය දේශපාලනය එක්ක ගැටගෙහනවා) යටත් කිරිම. ඒ පුද්ගලයා බොහෝ විට අයිඑම්එෆ් සහ ඇමරිකානු න්‍යායපත්‍රය අනුව කටයුතු කරන පුද්ගලයෙක් ලංකාවෙ විදියට පත්වෙන්නෙ.

ආචාර්ය දර්ශන කස්තුරිරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *