2015 මහින්ද පැරදුණේ අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට හිස නොනැමූ නිසායි! බදියුදීන් නැතිව ආණ්ඩුව ගන්න බැරි නම් අපි විපක්ෂයේ ඉන්න ලැහැස්තියි – ගම්මන්පිල

May 27, 2019 at 8:29 pm | by admin

මහින්ද රාජපක්ෂ මහතාට තව වසර දහයකටවත් බලයට ඒමට ඉඩ නොතබන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බවත් මේ අභියෝගයට මුහුණ දීමට සූදානම් දැයි මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිලගෙන් විමසුවේය. එහිදී මන්ත්‍රීවරයා පැවසූයේ මහින්ද රාජපක්ෂට 2015 විපක්ෂයට ගොස් සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සිදු වූයේ බදියුදීන්ලා වැනි අන්තවාදීන්ගේ ඉල්ලීම්වලට හිස නොනැමූ නිසා බවය.

එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදීන් පෝෂණය කිරීමට නම් අපට බලය ලැබෙන්නේ එහෙම බලයකින් අපට වැඩක් නැහැ. රිෂාඩ් බදියුදීන්ගේ සහාය නැතුව අපට බලය ලබාගැනීමට බැරිනම් අපි විපක්ෂයේ ඉන්න ලෑස්ති. හැබැයි මේ රටේ අන්තවාදීන් පෝෂණය කරලා මේ රට ගිනි ගොඩක් ලේ විලක් කරන්න අපි සූදානම් නැහැ. එදා 2015 දී ඔය අන්තවාදීන් මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරපු ඉල්ලීම් වලට එකඟ වුනානම් 2015දීත් ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ජනාධිපති ධූරයට වඩා ඉහළින් රට ඔසවා තැබූ නිසා තමයි එතුමා අන්තවාදීන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රිවරයෙක් වෙන්න තීරණය කළේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා අන්තවාදීන් මත රැඳෙමින් බලය රැක ගන්නවා වෙනුවට විපක්ෂයේ සිටීම සැපකී කියන තීන්දුවේ ඉන්න බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරලා හමාරයි.

ඒ නිසා එම අභියෝගය බාර අරගෙන රිෂාඩ් බදියුදීන්ලා වගේ අන්තවාදීන් පෝෂණය කරනවා වෙනුවට අප සූදානම් වන්නේ විපක්ෂයේ සිටිමින් අන්තවාදීන්ගේ සහය නොලබන මේ රට ලේ විලක් ගිනි ගොඩක් බවට පත් නොවන බවට වග කිව හැකි රජයක් සිටුවා ගැනීම පමණයි.

අපට අපේ නායකයා සම්බන්ධයෙන් ආඩම්බරයි. මොකද එතුමා බලය වෙනුවට රට ඉහළින් තබා කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදීන් අභියෝග කරන්නේ ඒකයි. අපේ රටේ අනිත් නායකයොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ ගන්නවා නම් මේ රටේ මෙවැනි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.

ඔබ දන්නවාද මලයාසියාවේ මෙවැනිම ප්‍රශ්නයක් තිබුණා. එහි භූමි පුත්‍රයන් වන මැලේ ජාතිකයන් සිටියේ මුළු ජනගහනයෙන් 53% යි. සුළු ජාතීන් මත නැටවෙන රටක් බවට මලයාසියාව පත්වුණා. රට අඳුරෙන් අඳුරටම ගියා. මැලේසියාවේ බිහිවූ විශිෂ්ටතම බුද්ධිමතෙක් වන මහතීර් මොහොමඩ් මහතා එදා ප්‍රකාශ කළා බල්ලා වලිගේ වනනවා වෙනුවට වලිගය විසින් බල්ලා වනන බව. මැලේවරුන්ගේ දෙගිඩියාව නමින් ඔහු රචිත කෘතියේ ඔහු සඳහන් කරනවා මැලේ ජාතිකයන් සමගින් නොවුණහොත් මලයාසියාව අඳුරෙන් අඳුරටම ගමන් කරන බව. ඔහුගේ හඬට සවන් දුන් මැලේවරුන් එක පක්ෂයකට ගොනු වුණා. ගසක් වටා වැල් එතෙනවා මෙන් සුළු ජාතීන්ද පැමිණ එම පක්ෂයට එකතු වුණා. අවසානයේ ශක්තිමත් මලයාසියාව බිහිවුණා.

එනිසා බල්ලා වලිගය වනනවා මිස වලිගයට බල්ලා වැනීමට අප නම් තවදුරටත් ඉඩ ලබා දෙන්නේ නැති බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට අප දැනුම් දෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස