මහින්ද එලෙව්වොත් ඔබ ඉවරයි..! දැන්වත් බැසිල් වගේ වැඩ කරන්න..! – ජනපතිට අනතුරු ඇඟවීම්…

May 7, 2022 at 3:21 pm | by emanisa.lk

ජනාධිපතිවරයා හැමදාම තමන් ළඟ තියා⁣ගෙන උපදෙස් ගත්ත හා ගන්න අය නිසා තමා තාමත් වරද්ද ගන්නෙ. චැනල් හා පත්තර අයිතිකාරයින්ට, ත්‍රිවිල් පක්ෂ නායකයින්ට ඕන විදියට තීරණ ගන්න එපා.

එක එකාට ඕන විදියට නටන්න එපා. ඔබතුමාගෙ බැසිල් මල්ලිගෙන් ඉ⁣ගෙන ගන්න. කවදාවත් ව්‍යාපාරිකයෙක් මුණ ගැහෙනවද බලන්න. මේ කරන දේවල් නිසා ඔබතුමාට ඉන්න අන්තිම බංකරයත් නැති වෙනවා.

ඒ අය හදන්නෙ තමන්ගේ බිස්නස් ටික ගොඩදාගන්න. මහින්ද යවන්න කියන්නෙ නිකං නෙමෙයි. මහින්ද නිසයි ඔබතුමා තාමත් ඔය පුටුවෙ ඉන්නෙ. මුලින් බැසිල් යවා ගත්ත. මේ දේශපාලන අර්බුදය පටන් ගත්තෙ එතන ඉඳල. දැන් මහින්ද යවල ඔබතුමා ඔතන තනිකර ගන්න හදන්නෙ.

කරුණාකරල දේශපාලන උපදෙස් ටිකක් ගන්න. උපදෙස් කියන්නෙ කවුරුහරි ගෙන්නල මතය අහන එක නෙමෙයි. එක එක සිනාරියො ගැන අපක්ෂපාතී තක්සේරුවක් දෙන්න පුළුවන් අය ⁣⁣ගෙන්නල කතා කරන එක.

මොකද ජනාධිපති ධුරය කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි. හැටනම ලක්ෂයක අපේක්ෂා තියල තියෙන ආයතනයක්. ඒ නිසා පුද්ගලික තීරණ ගන්න එපා. එහෙම ගන්න අයිතියක් නැහැ.

මේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න. මේකට විසඳුම් කියන්නෙ නිකං කතා පෙට්ටි දාන එක නෙමෙයි. වැඩ කරන්න ඕන. අපනයන ටික ගැන බලන්න.

ඔබ තුමාගෙ මල්ලි ලංකාවේ ම ඉන්න ලෝක තානපතිල මුදල් අමාත්‍යාංශයට ගෙන්නල ලෝකෙ හැම අස්සක් මුල්ලක් නෑර බුලත් කොලේ, පුවක් ගෙඩියේ ඉඳල ගස්ලබු අඹ ගෙඩි දක්වා යවන්න අලුත් වෙළඳපොලවල් හැදුවා. ඒව ඉදිරියට යනවද බලන්න. ඒව තමා ඩොලර් අර්බුදයට කරන්න ඕන. 2021 ලංකාවේ ලොකුම අපනයන ආදායම ගත්තෙ එහෙම කරල.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස