මහජන මුදල් කාබාසිනියා කරන රථ ගායට පොලු පහරක්! 2023 වන තුරු රාජ්‍ය ආයතනවලට අලුත් සැප වාහන බෑ!

December 5, 2019 at 10:18 am | by emanisa.lk

රජයේ වාහන පාවිච්චියට මුවා වී මහජන මුදල් රුපියල් ප්‍රකෝටි ගණනක් අවභාවිත වී ඇති බව මේ වන විට විමර්ශනවලින් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතන සතු සියලු වාහන පිළිබඳ විධිමත් සංගණනයක් කිරීමට සහ ඒවා නිසි ලෙස කළමනාකරණයට කටයුතු සිදුවෙමින් තිබේ.

ඒ අනුව ඉදිරි වසර තුනේ දී කිසිදු අලුත් සුපිරි වාහනයක් රටට ආනයනය නොකිරීමට ද දැනට ඇති වාහන භාවිතයට ද තීන්දු කර තිබේ.

කිසිවකුට අලුත් වාහනයක් අත්‍යවශ්‍ය වුවද ඒ පිළිබඳ තීන්දුවක් ගන්නේ ද මෙම වාහන සංගණනයට පසු බව වාර්තා වෙයි.

මේ රටේ ජනතාවගේ මහජන මුදල් රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලකයන්ට උවමනා ආකාරයට සිය සුඛවිහරණය උදෙසා භාවිතය වැළැක්වීම පිණිස මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස