යුද අපරාධකරුවන් යැයි ගැරහුම් ලබන අපේ හමුදාව බේරාගත් සහරාන්ගේ බිරිඳ සහ දියණිය මෙන්න! (Photos)

May 13, 2019 at 8:30 am | by admin

පාස්කු ප්‍රහාර මාලාව එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ සහරාන් හෂීම්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා ආදියා සහ සිව් හැවිරිදි දියණිය මොහොමඩ් සහරාන් රැසෙයිනා පසුගියදා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහළට රැගෙන ආවේය.

පාස්කු ප්‍රහාරයට පසු දෙවන ප්‍රහාරය සඳහා සූදානමින් සහරාන්ගේ මව පියා සහෝදරයන් ඇතුළු පිරිස රැඳී සිටි කල්මුණේ සයින්දමරදු නිවස ආරක්ෂක අංශ වැටළීමත් සමග එහි සිටි පිරිස බෝම්බ පුපුරුවා ගෙන සිය දිවි නසාගත්හ. එහෙත් සහරාන්ගේ බිරිඳ සහ දියණිය තුවාල ලබා සුන්බුන් අතර සිරව සිටිය දී ආරක්ෂක අංශ විසින් බේරාගෙන ප්‍රථමාධාර ලබා දී රෝහල්ගත කෙරිණි.

අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබා කොළඹ මහ රෝහලට රැගෙන ආ සහරාන්ගේ බිරිඳ මෙම ත්‍රස්ත ජාලය පිළිබඳ බොහෝ තොරතුරු හෙළිකර ඇති අතර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි. පාසලේ 9 වෙනි ශ්‍රේණිය දක්වා පමණක් ගොස් ඇති ෆාතිමා ආදියා සහරාන්ට විවාහ කර දි ඇත්තේ වයස 14දීය. එය ළමා විවාහයකි.

සහරාන්ගේ නීති විරෝධි කටයුතුවලට එරෙහි වූ ෆාතිමා කිහිප වරක්ම දික්කසාද වීම සඳහා සහරාන්ගෙන් අවස්ථාව ඉල්ලුව ද ඒ සඳහා අවසර ලැබී නැත.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *