මම හැදූ නොරෙච්චෝලේ මහින්ද විනාශ නොකළා නම් අද විදුලි අර්බුදයක් නෑ! – චන්ද්‍රිකා

March 28, 2019 at 5:50 pm | by admin

තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට එහි කටයුතු කරගෙන යාමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉඩ ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක පවසයි.

එතුමිය මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ ඊයේ(27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදීය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී කිසිදු නව විදුලි බලාගාරයක් ඉදි නොකළ බවත් රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බවත් නොරොච්චෝල විදුලි බලාගාරය තුට්ටු දෙකේ චීන ආයතනයකට ලබා දී විනාශ කළ බවත් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය රාජපක්ෂ යුගයේදී විනාශ කළ බවත් නොරොච්චෝලය පසුගිය කාලය තුළ 38 වතාවක් බිඳ වැටී ඇති අතර 7 වතාවක් ගිනි ගෙන ඇති බව ඇය සඳහන් කළාය.

විදුලි අර්බුදයට මේ රජයේද වැරද්දක් ද ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිනිය සමයේ මුල්ගල තැබුවා මිස නොරෙච්චෝලේ බලාගාරය ඉදි නොකළ අතර එය ඉදිකරන ලද්දේ මහින්ද රාජපක්ෂ සමයේය. දක්ෂිණ අධිවේගී මාර්ගය, නෙළුම් පොකුණ රඟහල ආදියට ද මුල්ගල් තැබුවේ ඇගේ පාලන සමයේය.

විගණකාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ රාජපක්ෂ පාලන සමයේ ඉදිකළ නොරෙච්චෝලේ බලාගාරය ඒ සඳහා වැය කළ මුදල මෙන් දහ ගුණයකට වැඩි මුදලක් මේ වන විට උපයා ඇති බවය. චන්ද්‍රිකා ජනපතිනිය සමයේ විදුලි අර්බුදයට විසඳුම ලෙස කළේ රටේ වෙලාව ආපස්සට කරකැවීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස