මම යනවා! ඒ වුණාට පුතායි ගෝලයයි එළවන්න එපා!-වෙල්ගම බැසිල්ට කියයි..

July 7, 2019 at 9:46 am | by emanisa.lk

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගිය ද සිය පුතා සහ ගෝළයා පක්ෂයෙන් ඉවත් නොකරන ලෙස ද අගලවත්ත සහ මතුගම ආසන දෙක ඔවුන්ට දෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඉල්ලා තිබේ.

ඒ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හමු වීමට ගොසිනි. පක්ෂ හමුවේ දී කිසිදු මන්ත්‍රීවරයකු තමාගේ මුහුණ පවා නොබලන බවත් එහෙයින් පක්ෂයෙන් ඉවත් වන බවත් ඔහු පවසා තිබේ.

කෙසේ වුවද කුමාර වෙල්ගම කළ ඉල්ලීම්වලට සුබදායක ප්‍රතිචාරයක් බැසිල්ගෙන් ලැබී ඇති අතර මේ නිසා පළාතේ පොදුජන පෙරමුණේ පිරිස කැළඹී ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස