මම පක්ෂ ගැන වැඩි තැකීමක් නෑ! නව රෝහල් ඉදිකිරීමේ මහ හොරකමක් වෙලා!

February 4, 2019 at 5:31 am | by admin

නෙදර්ලන්ත ආධාර මත හම්බන්තොට සහ නුවරඑළියේ ඉදිකරන නව රෝහල්වල විශාල හොරකමක් සිදුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය

“වත්මන් රජය බලයට පත් වූ පසු තමයි නිදහස් සෞඛ්‍ය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක වුණේ. එක්සත් ජාතික පක්ෂ ධනපති රජයක් ලෙස චෝදනා කරනවා. නමුත් නිදහස් සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ එම ධනපති රජයෙන් තමයි ලබාදුන්නේ. මම පක්ෂ ගැන වැඩි තැකීමක් නැහැ. හම්බන්තොට සහ නුවරඑළියේ නෙදර්ලන්ත ආධාර මත ඉදිකරන නව රෝහල්වල විශාල හොරකමක් සිදුව තිබෙනවා.

ඉදිකිරිම් කටයුතු ආරම්භ කර වසර 04 කට වඩා ගතවුවත් එම රෝහල් දෙක විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මෙම හොරකම් ගැන කථා කරපුවාම කියනවා පළිගන්නවා කියලා. රෝහල් ඉදිකිරීමට මෙන්ම උපකරණ ගෙනඒමටත් කොමිස් මුදල් ඉල්ලලා. විදේශීය ආයෝජකයින් හූරාගෙන කාලා. ව්‍යාපෘති වනසා තිබෙනවා.

එම ව්‍යාපෘති යාවත්කාලීන කිරිම හරිම අමාරුයි. අධික මුදලක් හූරාගෙන කාලා. අපි මේ ගැන සොයාබලා විධිමත් පියවර ගෙන තිබෙනවා. අපේ රජය පටන්ගත් ඇතැම් රෝහල්වල සංවර්ධන ව්‍යාපෘති මේ වන විට විවෘත කර තිබෙනවා. නමුත් හම්බන්තොට සහ නුවරඑළිය රෝහල් විවෘත කිරිමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. ප්‍රශ්න විසඳීමට සාකච්ඡා ගණනාවක් තිබුණා.

චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ ව්‍යාපෘතිය යටතේ වලස්මුල්ල මූලික රෝහලේ දෙමහල් මාතෘ හා ළදරු ඒකකය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උළෙලට සහභාගී වෙමින් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *