මම චේන්ෂෝවලින් ගස් කපන කර්මාන්තයත් නඟා සිටුවනවා! – සජිත්ගෙන් තවත් පොරොන්දුවක්….

November 7, 2019 at 11:49 pm | by emanisa.lk

තමා පාලනයක් තුළ විදුලි කියත් හෙවත් චේන්ෂෝ කර්මාන්තය හිරිහැරයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පදනම සකසන බව එජාප ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

වැලිමඩ බස් නැවතුමේ ඊයේ (06) පැවති ජනරැලියක දී ඇමතිවරයා මෙසේ පැවසීය.

විදුලි කියත් කර්මාන්තයේ නියුතු පිරිසක් වැලිමඩ සිටින බවත් ඔවුන්ගේ කර්මාන්තය කිසිදු හිරිහැරයකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩ ලබා දෙන බව ප්‍රකාශ කළේය.

කෙසේ වුවද වනාන්තර රැකගැනීම සහ අනවසර වන සංහාරය නතර කිරීමේ අරමුණින් විදුලි කියත් ලියාපදිංචිය සහ ඒවා ආනයනය අත්හිටවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ තීන්දු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස