මම ආසියාවේ හොඳම මුදල් ඇමති වුණේ නිකන් නෙමේ! මම වගේ රට දියුණු කරන්න මංගලට බැරි නම් පුළුවන් අයට භාරදෙන්න! – රවී

June 14, 2019 at 10:41 pm | by emanisa.lk

තමා මුදල් ඇමතිවරයා ලෙස කරගෙන ගිය වැඩපිළිවෙළ දිගටම ඉදිරියට ගෙන ගියේ නම් රටට මෙවැනි ගැටලු ඇති නොවන බව ඇමති රවී කරුණානායක පවසයි.

ආසියාවේ මුදල් ඇමතිවරයා ලෙස තමා අභිෂේක ලැබුවේ නිකන් නොව පැය ගණන් වැඩ කර ජනතාව ජයග්‍රහණය කරවා බවත් දැන් සිටින අයට එම කාර්ය ඉටු කළ නොහැකි නම් කළ හැකි අයට ලබා දී ඉවත් වන ලෙස තමන් අභියෝග කරන බවත් හෙතෙම සඳහන් කළේය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමන්ට පමණක් නොව තම බිරිඳට සහ දියණියට පවා අභූත චෝදනා එල්ල වූ බව සඳහන් කළ ඇමතිවරයා තමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා අවස්ථාව ලැබීම පිළිබඳ දෙවියන්ට සහ ජනතාවට ස්තූතිවන්ත වන බව ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස