මදූෂ් කේ.පී. වගේ ලංකාවට කුදලං එන්න හිටියේ! පත්තරකාරයෝ වැඩේ කෑවා! නැත්නම් මදූෂ් දැන් ලංකාවේ! (video)

February 11, 2019 at 2:46 am | by admin

ඩුබායිහි සිටි මදූෂ් ඩුබායි පොලිසිය ද ලංකා පොලිසිය ද සම්බන්ධ නොවී මැලේසියාවේ සිට කේ.පී. රැගෙන ආවාක් මෙන් පෙට්ටියක දමා හෝ ලංකාවට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවත් අවසාන මොහොතේ මේ සිද්ධිය ලංකාවේ පත්තර මගින් වාර්තා කිරීම නිසා එම මෙහෙයුම කඩාකප්පල් වූ බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මදූෂ් පිළිබඳ ලංකාවේ පුවත්පත්වල වාර්තා කිරීම නිසා ඩුබායි පොලිසිය ඊට මැදිහත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. රට ගැන නොසිතා සියල්ල පළ කරන පුවත්පත් නිසා එම අවස්ථාව අහිමි වූ බවත් පත්තර ඔස්සේ මේ සිද්ධිය අනාවරණය නොවුණේ නම් මේ වන විට මදූෂ් ලංකාවට ගෙනැවිත් අවසන් බවත් හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුවද ලංකාවේ පුවත්පත්වල මෙම සිදුවීම වාර්තා වූයේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූ පසුය. ඊට පෙර එරට පුවත්පත්වල මෙම සිදුවීම වාර්තා කර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *