මදූෂ් ඇල්ලුවේ තමන් යැයි ගහන පම්පෝරු බොරු! මදූෂ් ඇල්ලුවේ පාතාළ කල්ලියක පිහිටින්!

February 8, 2019 at 6:38 am | by admin

ඩුබායි නගරයේ දී මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේ තම සැලසුම් සහ තම මෙහෙයුම් අනුව බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුව සහ පොලිසියේ විවිධ කණ්ඩායම් අතර මේ වන විට සීතල යුද්ධයක් හට ගෙන තිබේ. ඒ පිළිබඳ විවිධ ත්‍රාසජනක කතා ද නිර්මාණය කෙරී ඇත.

කෙසේ වුවද මේ පිරිස අත්අඩංගුවට ගැනීමට නිවැරදි ඔත්තුව ලබා දී ඇත්තේ ඩුබායිහි සිට ක්‍රියාත්මක වන තවත් පතාළ කල්ලියක් බවට තොරතුරු ලැබී තිබේ. එම පිරිස මීට මාස තුනකට පමණ පෙර ඩුබායි වෙත ගොස් මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස පිළිබඳ තොරතුරු එකතු කර තිබේ.

ඒ අතරතුර ඩුබායි පොලිසිය සමග ද මොවුන් සබඳතා ගොඩනඟ ගෙන ඇත. ඒ සඳහා කංචිපානි ඉම්රාන්ගේ සමීප සගයකුව සිට මෑතකදී ඔහු සමග උරණ වූ පාතාලයකු සහ වසර ගණනාවක සිට ඩුබායිහි රැඳී සිටිමින් මහා පරිමාණයෙන් කුඩු ජාවාරමේ නිරත මෙරට ප‍්‍රබල ජාවාරම්කරුවකුගේ සහායද මොවුන්ට ලැබී ඇත.

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් සහ කංචිපානි ඉම්රාන් ඇතුළු පිරිස මේ වන විට ර`දවා තබාගෙන ප‍්‍රශ්න කරමින් සිටින බව ආරංචි මාර්ග ස`දහන් කරයි.

එහිදී මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් මෙරටදී කොල්ල කෑ කෝටි හත්සියයක් වටිනා බව කියන දියමන්තිය සම්බන්ධයෙන්ද ප‍්‍රශ්න කරන බවද පැවසේ. එම දියමන්ති කොල්ලයට සම්බන්ධ වූ මධුෂ් කල්ලියේ ප‍්‍රබලයකුද ඩුබායි පොලිසියට කොටුවී සිටී.

ඩුබායිහිදී මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක් වුවහොත් එරට නීතිය අනුව වෙඩි තබා මරාදමන බැවින් මේ වන විට මධූෂ් සහ කංචිපානි ඇතුළු පාතාලයන් එරට නීතිඥයන් රැසකගේ සහාය ලබාගනිමින් කෙසේ හෝ ශ්‍රී ලංකාවට පිටුවහල් වීමට දැඩි උත්සහයක නිරතව සිටින බවද වාර්තා විය.

අත්අඩංගුවට ගත් පිරිස අතර කංචිපානි ඉම්රාන් විසින් කොළඹ තොරතුරු රහසේ ලබාගත් ඔත්තුකරුවන් දෙදෙනකුද සිටින බව හෙළි වී ඇත. මේ අතර මදූෂ්ගේ කල්ලිය සහ ඩුබායිහි සිට ක්‍රියාත්මක වන පාකිස්ථාන පාතාළ කල්ලියක් අතර ද ගනුදෙනු සම්බන්ධයෙන් ගැටුමක් පැවති බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස