මගේ සිංදුවකින් ජනාධිපතිට මඩගහනවා….! ඒකට මගේ සම්බන්ධයක් නෑ…! – සුනිල් පෙරේරා CID යයි….

June 18, 2021 at 10:39 pm | by emanisa.lk

ගායක සුනිල් පෙරේරා සිය ගීතයක පද පෙරළා ජනාධිපතිවරයාට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

පවතින සමාජ ක්‍රමය පිළිබඳ විවේචන කරමින් තමා කොතෙකුත් ගීත ගායනා කළ ද කිසිම අවස්ථාවක පුද්ගලයින්ට මඩ ගැසීමට ගීත නිර්මාණය නොකළ බව ඔහු සඳහන් කරයි.

තාත්ත මට ඇනපු ටොක්ක ගීතය පද වෙනස් කර ගායනා කර ඇත්තේ තමාගේ අනුදැනුමකින් තොරව බව පවසන සුනිල් පෙරේරා තමාට මේ ගීතය සොරා ගැනීම සම්බන්ධයෙන් බුද්ධිමය දේපළ පණත යටතේ නඩු දැමීමට අවශ්‍යතාවක් නැතැයිද කියා සිටියි.

මෙම ගීතය ගායනා කරන්නේ කවුදැයි තමන්ට සිතාගත හැකි වුව ද ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකරන බවත් එසේ කළහොත් එම පුද්ගලයා යම් දඬුවමකට යටත් විය හැකි බවත් ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා මේ පිළිබඳ පැමිණිල්ලක් ගොනු කළේ ඊට තමාගේ සම්බන්ධයක් නොමැති බව තහවුරු කිරීමට පමණක් බව ද සුනිල් පෙරේරා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *