මගේ නෙමෙයි ආශුගේ සදාචාරය මුලින් හොයන්න…! බල්ලෙක් ඉස්සරහා නිරුවතින් සිටීම බලවත් වරදක්..! – හිරුණිකා…

December 26, 2022 at 8:28 pm | by emanisa.lk

ආශු මාරසිංහ අවුරුද්දක් වයස බලු පැටියෙකු ඉදිරියේ නිරුවතින් සිට බලවත් වරදක් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

එම බලු පැටියා වෙනුවට එම වයසේ කුඩා දැරියක මෙම අත්දැකීමට මුහුණ දුන්නේ නම් එය අනුමත කරන්නේ දැයි ඇය ප්‍රශ්න කරයි.

මාධ්‍ය සෙවිය යුත්තේ හිරුණිකාගේ හෝ වීඩියෝව ලබා දුන් කාන්තාවගේ සදාචාරය සෙවීම නොවන බවයි, ඇය ප්‍රකාශ කළේ.

කිසියම් පුද්ගලයෙකු සමාජ සම්මත නොවන සදාචාර සම්පන්න නොවන ලිංගික ක්‍රියාවක යෙදුණහොත් අවුරුදු 10ක නොඅඩු සිරදඬුවමක් ලබා දිය හැකි බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඇය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *