මං ජනාධිපති කාලේ ලෝකය ම අපට උදව් කළා..! – මෛත්‍රී…

October 24, 2022 at 11:12 am | by emanisa.lk

සිය ධුර කාලය තුළ මෙන් රටේ මිත්‍රශීලි විදේශ ප්‍රතිපත්තියක් නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්‍රවීමට හේතුව බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබු තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළ ද දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවය.

“අපි හැම වේලේම ආණ්ඩුවට මේ ප්‍රශ්න කථා කරනවා ජීවන වියදම, බඩු මිල,‌ බෙහෙත් හිඟය. නමුත් ආණ්ඩුවත් බරපතළ ආර්ථික අමාරුකමක ඉන්නේ.

නමුත් මම ජනාධිපති ධුරය දරන කාලයේ අන්තර්ජාතික වශයෙන් කිසිම බේදයක් නැතුව ලෝකයේ සියලුම රටවල් අපිට උදව් කළා. යුරෝපයේ ද, අමෙරිකාව ද, චීනය ද, ඉන්දියාව ද, රුසියාව ද, ලෝකයේ අනෙක් රටවල් හැම එකක්ම අපිට උදව් කළා.

ඒ මගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. මම සෑම කෙනෙක් එක්කම හොඳ යහපත් තත්ත්වයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා. ඉතින් පසුකාලිනව විශේෂයෙන් පසුගිය අවුරුදු 3 ඔබ තමුන්නාසේලා දන්නවා සිදුවුණ සිදුවීම් තුළ මේ රට අමාරුකම්වලට පත්වෙලා තියෙනවා.”

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *