බෙලිඅත්ත වෙඩි වරුසාවක්…! අපේ ජනබල නායකයා ඇතුළු 05ක් මරුට..!

January 22, 2024 at 10:47 am | by emanisa.lk

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී කළ වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මියගොස් ඇත.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ කැබ් රථයකින් පැමිණි පිරිසක් විසිනි. අධිවේගී පිවිසුම ආසන්නයේම පිහිටි වෙළෙඳසැලක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු වෙළඳසැල තුළ සහ වාහනයේ ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

පස්දෙනෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ වෙළඳ සැලක් අසල නවත්වා තේ පානය කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පිරිසකට රැකවරණය ලබා දීමේ සිද්ධියකට 2022 වසරේ දී සමන් පෙරේරා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *