බුවනෙක හෝටලේ කඩාදැමූ නගරාධිපතිගේ නඩු ගාස්තුව මහජන මුදලින් පියවයි!

August 18, 2020 at 7:49 am | by emanisa.lk

දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය යැයි ජනප්‍රවාදයෙහි පැවසෙන කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වියදම් සඳහා අවශ්‍ය මුදල් නගර සභාවෙන් ගෙවීමේ යෝජනාවක් ඊයේ (17) සම්මත කරගෙන තිබේ.

කුරුණෑගල මහ නගර සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙසේ රුපියල් 2,180,000ක මුදලක් නඩු කටයුතු සඳහා ගෙවීමේ යෝජනාව මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ එකඟතාවෙන් සම්මත කරගෙන ඇති බව සඳහන්ය.

ඊට සමගි ජන බලවේගයෙහි මන්ත්‍රීවරයෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා විරුද්ධ වී ඇති බවත් වාර්තා විය.

කඩාදැමූ ගොඩනැගිල්ල යළි ඉදිකිරීමට ද මීට පෙර පත් කළ කමිටුවක් විසින් නිර්දේශ කර තිබුණු අතර ඊට රුපියල් ලක්ෂ 90ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා තිබිණි.

අදාළ ගොඩනැගිල්ල නැවත ඉදිකිරීමට ද නගර සභාවේ මුදල් මිස එය අත්තනෝමතික ලෙස කඩාබිඳ දැමූ පුද්ගලයන්ගේ මුදල් වැය නොවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස