බුදු දහම රැක දෙන්නැයි ජනපතිට මහනාහිමිවරුන්ගෙන් ලිපියක්…!

January 14, 2024 at 6:57 pm | by emanisa.lk

සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හර පද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මල්වතු අස්ගිරි ඇතුළු නිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා තිබේ.

එම සිදුවීම් මාලාවේ නවතම සිදුවීම අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටිමින් බෞද්ධ හර පද්ධතීන් විකෘති කරමින් ජනතාව නොමග යවමින් සිය දිවි නසා ගැනීමට පෙළඹවීම බවයි, උන් වහන්සේලා පෙන්වා දෙන්නේ. මේවා හුදු පුද්ගල සිද්ධි නොව සංවිධානාත්මක ලෙස දියත් කරන කටයුතු බව අවබෝධ කරගෙන ඒවා පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතු බව ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

තිබ්බටුවාවෙි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමි, වරකාගොඩ ශ්‍රී ඤණරතන අස්ගිරි මහා නාහිමි, මකුලෑවේ විමලානන්ද ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහනාහිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහා නාහිමි මෙම ලිපියට අත්සන් තබා ඇත.

එම ලිපියේ පිටපත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ, බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ බුද්ධ ශාවසන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද යොමු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *