බුදුන්ගේ පතළ මහා කරුණාව යළි බැබළෙයි! පියා ගඩොල් කපා සරසවි යැවූ දියණියට සියලු අධ්‍යාපන වියදම් පන්සලෙන්!

January 10, 2020 at 1:48 pm | by emanisa.lk

ගඩොල් කපා දියණියට අධ්‍යාපනය ලබා දුන් පියෙකු පිළිබඳ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකකුත් වීමත් සමගම මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට ලක්විය.

ෆාතිමා මුසාදිකා නම් එම දියණිය මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් තිරිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉහළින්ම සමත් වූයේ එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වෙමිනි.

තවමත් පොලිතීන්වලින් ආවරණය වූ නිවසක වෙසෙන වෙසෙන ඉතාම දුප්පත් පවුලක මෙම දියණිය පිළිබඳ කරුණු සැලවූ පසුව ඇයට උපකාර කිරීමට මූතුර් රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර ඉන්ද්‍ර ස්වාමීන් වහන්සේ මූලිකත්වය ගෙන තිබේ.

එහිදී ඇය සරසවි අධ්‍යාපනය ලබා නිම වන තුරුම ඇගේ වියදම් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමට උන්වහන්සේ කටයුතු සූදානම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස