බුද්ධි තොරතුරු පිටවන නිසා ආරක්ෂක මණ්ඩලය වෙනස් කළා! රාජ්‍ය බුද්ධි ප්‍රධානියත් නැතිව දෙසතියකට වරක් ආරක්ෂක කමිටුව රැස්වුණා! – ජනපනි

May 30, 2019 at 2:07 pm | by admin

ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරන කරුණු නොනිල ලෙස මාධ්‍යවල පළ වූ නිසා ආරක්ෂක මණ්ඩලයේ ව්‍යුහය වෙනස් කොට ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවා සති දෙකකට වරක් රැස්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2019/04/08 වන දින පැවති රැස්වීමේ දී 21 වෙනි දින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ තමා දැනුම්වත් කළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන් වෙයි.

මෙම ජාතික ආරක්ෂක කමිටුවට අගමැති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන සහභාගී වී නැත. එසේම ජාතික බුද්ධි අංශ ප්‍රධානීයා ද ඊට එක් වී නොමැති බව ඔහු පාර්ලිමේන්තු කමිටුව හමුවේ ඊයේ කළ ප්‍රකාශයෙන් තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස