බැසිල් වගේ දෙතුන් දෙනෙක් හිටියා නම් මේ රට සුරපුරක්…! – උඩුවේ ධම්මාලෝක හිමි….

April 13, 2021 at 8:57 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ වැනි දෙතුන් දෙනෙකු සිටියේ නම් මේ රට සුරපුරක් වනු ඇති බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි පවසයි.

පසුගියදා කිරුළපන, සිරි ඇලන් මැතිනියාරාමයේ පැවැති උත්සවයක දී එහිමියන් මේ බව පවසා තිබේ.

බැසිල් රාජපක්ෂගේ ජන මෙහෙවර මෙහි දී උඩුවේ හිමියන්ගේ මහත් ඇගයුමට ලක්ව ඇත.

මෙම අවස්ථාවට නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කොට සිටියහ.

කෙසේ වුවද උඩුවේ හිමි පසුගිය සමයේ දැඩි බැසිල් විරෝධී ස්ථාවරයක සිටි බව ද දැනගන්නට තිබේ.

මෙම උත්සව අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස