බැසිල් ලංකාවේ හිටියා නම් ජනපති අගමැතිටවත් තෙල් මිල වැඩි කරන්න දෙන්නේ නෑ…! – නිමල් ලාන්සා…

June 14, 2021 at 3:06 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාව කබලෙන් ළිපට වැටී ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ගම්වල සිටින අය ලෙස තමන් ඒ පිළිබඳ දන්නා බව ද ඔහු පවසයි.

එනිසා ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය. එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු කමිටුව ද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔහු කියයි.

එසේ නොවුණහොත් සංචරණ සීමා අවසන් වූ පසු ජනතාව ආණ්ඩුවට විරුද්ධ වූ උද්ඝෝෂණය කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සාගර කාරියවසම් ලේකම්වරයා පිට කළේ පාක්ෂිකයින්ගෙන් ඔහු වෙත ආ පීඩනය බව ද නිමල් ලාන්සා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *