බැසිල් මීළඟ ජනපති කරවන්න ජනතාව පෙළ ගැසී අවසන්…! ඉදිරි සංවර්ධන දශකයේ නියමුවා ඔහුයි….! – ආචාර්ය රංජිත් බණ්ඩාර….

July 11, 2021 at 3:29 pm | by emanisa.lk

මෙරට රාජ්‍ය නායකත්වය සඳහා සියලු සුදුසුකම් සපුරා ඇති බැසිල් රාජපක්ෂ මීළඟ ජනපති කරවන්නට ජනතාව මේ වන විටත් පෙළ ගැසී අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.

බැසිල් රාජපක්ෂ මෙරට ඉදිරි සංවර්ධන දශකයේ නියමුවා බවට පත්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

“යුද්ධය 2009 අවසන් කරන විටත් මේ රටේ සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක මට්ටමේ තිබුණා. ලෝක අර්බුදයක් තිබෙන අවස්ථාවක අපිට එහි බලපෑමෙන් මිදී කටයුතු කරන්න බැහැ. දේශීය වශයෙන් කොහොමද අපි මේ අර්බුදය කළමනාකරණය කරගන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕන.

මේ අර්බුදය අවස්ථාවේදීත් පාරවල් හැදෙනවා, කඩ සාප්පු විවෘත වෙනවා, එන්නත දෙනවා, මිනිස්සු සෞඛ්‍ය සම්පන්න කරනවා, නගර දියුණු කරනවා කියන එක කවුරුත් පිළිගන්නා සත්‍යයක්. රාජපක්ෂ ආණ්ඩුවලට හැම වෙලාවෙම පුළුවන් වුණා මේ හැම එකක්ම සමබරව පවත්වාගෙන යන්න. බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග අපි දකිමින් සිටින්නේ ඒ සමබර සංවර්ධනය සඳහා වන ප්‍රවේශයයි.

විපක්ෂය මේ වෙලාවේ තමන්ට සටන් පාඨ නොමැති නිසා සටන් පාඨ සොයමින් ඉන්නවා. කවුරු හරි කෙනෙක් මයික් එකක් ඇල්ලුවොත් කටට එන දේ තමයි ඒ අය කියන්නේ. බැසිල් කියන්නේ තමන්ට වැඩක් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ නායකයෙක්. ඒකයි විපක්ෂය එතුමාට බය. පේනතෙක් මානයක ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාවක් විපක්ෂයට නැහැ.

නැගෙනහිර උදානය, දිවි නැගුම, ගම නැගුම, වසන්ත උදානය, මග නැගුම, පුර නැගුම වගේ දේවල්. මේ සංවර්ධන වැඩසටහන්වල නියමුවා බැසිල් රාජපක්ෂයි. ඉදිරි සංවර්ධන දශකය සඳහා බැසිල් රාජපක්ෂ ආගමනය ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස