බැසිල් තමයි මේ ආණ්ඩුවේ ඉන්න දක්ෂයා….! විපතක් පැමිණි විට ඔහු විදෙස්ගත වීම වැරදියි…! – මුරුත්තෙට්ටුවේ හිමි….

May 25, 2021 at 3:35 pm | by emanisa.lk

රටට විපතක් සිදු වී ඇති අවස්ථාවක ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ රටින් පිට වී යාම කනගාටුදායක තත්ත්වයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

අභයාරාමයේ පවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් එහිමියෝ මේ බව පැවසූහ.

රට වැටී තිබෙන තත්ත්වය හමුවේ බැසිල් රාජපක්ෂ රටින් පිටව යාම සිදු නොකළ යුත්තක් බව උන් වහන්සේ අවධාරණය කළහ.

මීට පෙර ද බැසිල් රාජපක්ෂ රට අර්බූදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවල රටින් පිට වූ බව පෙන්වා දුන් උන්වහන්සේ බැසිල් රාජපක්ෂ ඉදිරියේ දී තම වැඩ කටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බව ද කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *