බැසිල්ට ඇමැතිකමක් දීම කිසිවෙකුට ප්‍රශ්න කරන්න බෑ….! මහින්දට බැරි නිසා බැසිල්ට දුන්නා කීම හෙන මෝඩ කතාවක්….! – විමල්…

July 10, 2021 at 11:27 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ යනු තමන් ගොඩනැඟූ ආණ්ඩුවේ සිටින පාර්ශ්වකරුවෙකු බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඒ පාර්ශ්වකරුවන් අතරින් ඕනෑ ම අයෙකුට තනතුරු ලබා දීමට ජනාධිපතිවරයාට අයිතියක් ඇති බවත් එය ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

තමා බැසිල් රාජපක්ෂට විරුද්ධ නැති බවත් තමා පෙනී සිටින්නේ 20 වන සංශෝධනය අවස්ථාවේ මතු වූ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසාර්ථක නිසා බැසිල් රාජපක්ෂට ඇමැති ධූරයක් ලබා දුන්නේය යන තර්කය පිළිගත නොහැකි බව ද විමල් වීරවංශ පෙන්වා දෙයි.

”ඒ තර්කය දැම්මොත් ජනාධිපතිතුමා ඇමතිවරුන්ට බලය පවරන්නේ ඇයි? ජනාධිපතිවරයා සතු විධායක බලය තමයි, කැබිනට් ඇමතිවරුන්ට පවරලා තියෙන්නේ. කැබිනට් ඇමතිවරු හරහා එම විධායක බලය රාජ්‍ය ඇමතිවරු දක්වා පහළට දීලා තිබෙනවා. එය කළ යුතු දෙයක් මිසක් ජනාධිපතිවරයාට කරන්න බැරි නිසා කරන දෙයක් නෙවෙයි. ඒ විදිහට අර්ථකථනය කිරීම සුදුසු නැහැ. වැරදියි.”

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (10) කඩුවෙල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස