බැසිල්ගෙන් අඩු මිලට තෙල් ගන්න ජනතාව බලා සිටී….! ඉන්ධන හල් පාළුවට යයි….!

July 9, 2021 at 9:29 pm | by emanisa.lk

ඊයේ මෙන් ම අදත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් පාළු ස්වභාවයක් ගෙන තිබූ බව වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් පසු ඉන්ධන මිල අඩු වෙතැයි විශ්වාසයෙන් හා පැතිර ගිය ආරංචි හේතුවෙන් ඇතැම් පිරිස් ඉන්ධන ලබා ගැනීමක් කල් දමා තිබේ.

ඇතැම් ඉන්ධන හල්වල ඉන්ධන නොමැති බවට දැන්වීම් පුවරු ද එල්ලා තිබූ බව එම වාර්තා වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *