බැඳුම්කර ඇලෝසියස්ට බදු වංචා චෝදනා..! උසාවියෙන් සිතාසි…!

September 1, 2022 at 10:56 pm | by emanisa.lk

අර්ජුන ඇලෝසියස්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් සිතාසි නිකුත් කර ඇත.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මෙම නියෝගය නිකුත් ක⁣ළේය.

නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනැති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *