බල්ලන් නාවන්න මෙන් ඡන්දෙට ඇදං ගිය මැකොත් පළාත් සභා ඡන්දෙ ඉක්මනින් ඉල්ලයි!

September 28, 2020 at 2:23 pm | by emanisa.lk

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස තවමත් කටයුතු කරන නිසා තමා 19 වැනි හෝ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ගුණ දොස් දැක්වීමකට නොයන බව මහින්ද දේශප්‍රිය පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ අදහස් දැක්වීම සිදුකළේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වැඩමුළුවකට එකතු වෙමිනි.

ඉදිරියේ දී රටට යහපත් ව්‍යවස්ථාවක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ මහින්ද දේශප්‍රිය වැඩි දුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාර්ග කාපට් කිරීම ආදී කරුණු පිළිබඳ මිස තමන්ට පැවරී ඇති නීති සම්පාදනය පිළිබඳ උනන්දුවක් නොමැති බවය.

පාරවල් කාපට් කිරීම සඳහා ප්‍රාදේශීය සභා නගර සභා ආදී පළාත් පාලන ආයතන නියෝජිතයන් සිටීම ප්‍රමාණවත් බව පැවසූ හෙතෙම පළාත් සභා ඡන්දය ඉක්මනින් තබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

කෙසේ වුවද යහපාලන ආණ්ඩුව දිගින් දිගට ම මැතිවරණ කල් දැමීම පිළිබඳ සමයේ මැතිවරණ කොමිසම කිසිවක් නොකළ අතර ඊට එරෙහි වූයේ ද නැත. එහි සාමාජික රත්නජීවන් හූල් මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට ද ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස