බදියුදීන් රෑට මුත්‍ර කරන්නේ බෝතලේට…! යාඥා කරන්න වතුර නෑ…! මේක දේශපාලන දඩයමක්…! – කිරිඇල්ල…

October 7, 2021 at 9:18 pm | by emanisa.lk

සවස 5.00ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සිරකුටියේ දොර වසන බවත් රාත්‍රීයට මුත්‍රා කිරීමට සිදුව ඇත්තේ බෝතලයට බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඉස්ලාම් ආගම අනුව යාඥා කිරීම සඳහා දෙවතාවක් වතුර උවමනා වුවද එය ද නොලැබෙන බව හෙතෙම සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිවසින් ද කෑම ගෙනෙන බවත් බදියුදීන් මන්ත්‍රීවරයාට මෙලෙස සැලකීම අසාධාරණ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරයි.

තරුණියක් දූෂණය කළේ යැයි බදියුදීන්ගේ සොහොයුරා සිරගත කළ ද පසුව අදාළ තරුණිය කන්‍යාවක් බව තහවුරු වුණා යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

https://www.youtube.com/watch?v=5D2fOUMwnlw

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *