බංගලිදේශය චීන එන්නත් ගැන බොරු කියනවා…! ඩොලර් 10ට එන්නත් දෙන කතා බොරු…! තව ම ගිවිසුමක්වත් නෑ….! – බංගලිදේශ චීන නියෝජ්‍ය තානාපති…

June 6, 2021 at 1:46 pm | by emanisa.lk

කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත් බංගලිදේශයට ලබා දීම පිළිබඳ මෙතෙක් කිසිදු ගිවිසුමකට එළඹී නොමැති බව බංගලිදේශ චීන නියෝජ්‍ය තානාපති හුවාං යන්ග් පවසයි.

එසේ ම එවැනි ගිවිසුමක් අත්සන් කළ ද ඒ බංගලිදේශය සහ සිනොෆාම් ආයතනය අතර ගිවිසුමක් බව ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කරයි.

චීන රජය බංගලිදේශයට එන්නත් ලක්ෂ 06ක් ප්‍රදානයක් ලෙස ලබා දුන් අතර එහි දෙවන තොගය මේ මස 13 වෙනිදා ලැබීමට නියමිත ය.

එන්නත් ලබා ගැනීම සඳහා සිනොෆාම් ආයතනය සහ බංගලිදේශය අතර සාකච්ඡා ආරම්භ කළ ද ඒවා බංගලිදේශ සෞඛ්‍ය අංශවල සහ රාජතාන්ත්‍රික කටයුතුවල අඩුපාඩු නිසා සිනොෆාම් එන්නත් ඇනවුම් කිරීම ප්‍රමාද වූ බව බංගලිදේශ චීන තානාපති ලී ජිමින්ග් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර බංගලිදේශ රජය චීනය විසින් සිනොෆාම් එන්නත් මිලියන 15ක් එන්නතක් ඩොලර් 15ක මිලකට ලබා දීමට ගිවිසුම් අත්සන් කළ බව ප්‍රකාශ කළ අතර ඊට බංගලිදේශය සිය දැඩි අප්‍රසාදය පළකළ කිරීමත් සමඟ බංගලිදේශය සමාව ඉල්ලා සිටියේය.

මුල් පුවත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *