පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ආරම්භ කරන්න සූදානම්..! – ජනපති…

September 10, 2023 at 11:18 am | by emanisa.lk

මේ වන විට ලංකාවේ පළමු පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය ආරම්භ කිරීමට සැලසුම් කරමින් ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තවත් විශ්වවිද්‍යාල සහ වෛද්‍යපීඨ ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

එසේ ම සයිටම් වෛද්‍ය පීඨය මොරටුව විශ්වවිද්‍යාලයට ලබා දී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

වෛද්‍යවරුන් රට අතහැර යද්දී වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීම හැර වෙන විකල්පයක් නැතැයි ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ජෝසප් ප්‍රෙසර් අනුස්මරණ රෝහලේ 100 වැනි සංවත්සරයට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *