පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසු පුහුණුවට රජයේ රෝහල්…!

March 14, 2023 at 12:14 pm | by emanisa.lk

පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ රෝහල් හඳුනා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලට බඳවා ගන්නා ලද වෛද්‍ය සිසුන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට හැකි අවස්ථාවක් උදාකර දීමට එම පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *