පෞද්ගලික ඩීසල් බලාගාරවලට කෝටි 7500ක් ගෙවල නෑ..! හදිසි මිල දී ගැනීම් අවුල් වුණොත් රට ම අඳුරේ…! – ලංවීම ඉංජිනේරුවෝ….

December 2, 2022 at 9:18 am | by emanisa.lk

පෞද්ගලික ඩීසල් බලාගාරවලින් මිල දී ගත් විදුලිය වෙනුවෙන් ගෙවීම් පැහැර හැර තිබෙන රුපියල් කෝටි 7500 (බිලියන 75) ක මුදල කඩිනමින් ගෙවීමට අපොහොසත් වුවහොත් හදිසි විදුලි මිල දී ගැනීම් ද අවුල් වී රටේ වත්මන් විදුලි අර්බුදය අතිශය දරුණු විය හැකි බව ලංවීම ඉංජිනේරුවෝ පවසති.

නිසි කලට රටේ විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා හදිසි විදුලි මිල දී ගැනීම් යටතේ පෞද්ගලික තාප බලාගාරවලින් මණ්ඩලයට විදුලිය මිල දී ගැනීමට සිදු වී ඇතැයි ද ඔව්හු කීහ.

හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ඩීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් මිල දී ගනු ලබන්නේ අධික මිල ගණන්වලට වන අතර මිල දී ගත්තත් නොගත්තත් අදාළ බලාගාර සඳහා මුදල් ගෙවීමට ද සිදුව ඇත.

මේ වනවිට නොරොච්චෝල ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුන (මෙගාවොට් 900) මගින් විදුලිය ජනනය කිරීමට ගල්අඟුරු ඇත්තේ මාසයක කාලයකට පමණි. ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබුණත් ඊට සමාගම් ඉදිරිපත් නොවුණහොත් ලබන මාස තුන රට අඳුරට වැටීම නවතාලීමට විකල්ප නැතැයිද ඉංජිනේරුවෝ කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *