ඩීසල් බලාගාර මාෆියාවට අපි විරුද්ධයි..! ‘ටෙන්ඩර් නැතුව ව්‍යාපෘති දීමටත් විරුද්ධයි..! – සජිත්…

June 9, 2022 at 4:22 pm | by emanisa.lk

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු බව සමගි ජන බලවේගයේ මතය වුවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ව්‍යාපෘති තෑගි දීමෙි වැඩපිළිවෙළට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකරයා මේ බව පැවසීය.

සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ අනෙක් කණ්ඩායම් එකඟ වෙන පොදු කාරණා ගණනාවක් තිබෙන බව කී විපක්ෂ නායකවරයා පුනර්ජනනීය බලශක්තිය, සුනිත්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතුව තිබෙන අතර ඒ කාරණය සඳහා පක්ෂ බව ද කීය.

ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන ඩීසල් මාෆියාවට විරුද්ධ බව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව තරඟකාරීත්වය නැතිකර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන බවට රටට පෙන්වන්නට හදන බව කීය.

සමගි ජන බලවෙිගය ඩීසල් මාෆියාවට යටවී ප්‍රගතිශීලී යැයි කියන පණතට විරුද්ධ වෙන බවට ආණ්ඩුව රටට පෙන්වන්නට උත්සාහ කරන බව පැවසූ සජිත් ප්‍රේමදාස තරඟකාරීත්වය අඩු කිරීම ප්‍රගතිශීලී දැයි ප්‍රශ්න කළේය.

එය ප්‍රතිගාමී තීරණයක් බවත් මේ බලන්නේ තරගකාරිත්වයක් ඇති කර රටට ඩොලර් ටිකක් හම්බ කර ගැනීමට නොව තමන්ට ඩොලර් ටිකක් උපයා ගැනීමට බව ද තරඟකාරීත්වය සහමුලින්ම හකුලා දමන මෙම සංශෝධනය හකුලා ගත යුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *