ඩීසල් බලාගාර විදුලිය මිලට ගැනීම් අන්ත දූෂිතයි…! Ace Powerට විතරක් දවසට මිලියන 300ක් වැඩි පුර ගෙවලා…!

June 11, 2022 at 8:00 pm | by emanisa.lk

ඇඹිලිපිටිය Ace Power ඩීසල් විදුලි බලාගාරය සඳහා ආයෝජනය කළ මුදල සඳහා ගෙවීම් 2015 අවසන් වුව ද තව දුරටත් විදුලි බල මණ්ඩලය එම මුදල ගෙවන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

එසේ ම එම බලාගාරයේ විදුලි ඒකකයක් සඳහා රු. 101.16ක මුදලක් ගෙවන බව මහජන උපයෝගීතා කොමිසමට දන්වා තිබුණා ද සැබවින් ගෙවා ඇත්තේ රු. 95.20කි.

එම බලාගාරයෙන් දිනකට විදුලි ඒකක මිලියන 40-60ත් අතර ප්‍රමාණයක් මිල දී ගෙන ඇති අතර පෙර සඳහන් කළ මිල ගණන් අතර පරතරය වන රු.5.96, ලබාගත් ඒකක ගණන මිලියන 50ක් ලෙස සලකා ගණනය කළහොත් රු. මිලියන 298ක අමතර වියදමක් දරා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *