පොළොන්නරුව මගේ පියාගේ හදවතයි…! ජනතාව වෙනුවෙන් ඕනෑ ම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්…! – දහම් සිරිසේන…

October 24, 2021 at 7:59 pm | by emanisa.lk

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේ දි එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන පත්කෙරිණි.

අද රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බොහෝ තරුණ තරුණියන් රට අතහැර දමා යෑමට පෙළඹී ඇති බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දහම් සිරිසේන එහි දී කියා සිටියේය.

එවැනි වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමට හැකි එක ම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද ඔහු එහි දී අවධාරණය කළේය.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ පොළොන්නරුවේ ජනතාව යනු තම පියාගේ හදවත බවත් ඉදිරියේ දී පොළොන්නරු දිස්ත්‍රික්කයට මෙන්ම පොළොන්නරුව ජනතාවට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *