පොහොට්ටු සභාපති ධූරයෙන් හැකි නම් මා ඉවත් කරනු…! – ජී.ඇල්ගෙන් සාගරට අභියෝගයක්…

September 22, 2022 at 11:17 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති ධූරයෙන් හැකිනම් තමන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.

එම පක්‍ෂය තවමත් එසේ නොකරන්නේ නීත්‍යානුකූලව එය කළ නොහැකි බව දන්නා නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.

මහාචාර්ය ජී.එල් පීරිස් මේ බව පැවසුවේ නිදහස ජාතික සභාව මගින් පාර්ලිමේන්තුව අසල දී ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *